දුකයි..
එදා උඹ මව් තුරුලෙන් උදුරාගෙන එන විටත් කටේ කිරි සුවඳ ගිහින් තිබුනේ නෑ ඒත් උඹට පැටියෝ... දුකක් දුන්නේ නෑ මොහොතකට දින දෙක තුනක් යන්නට මත්තෙන් උඹ අපේ පවුලේ සුරතලා විය අහිංසක දෙනෙතින් මා දිහා බලන විට මගේ හිත තව තවත් ලන් වුණා උඹ ලඟට එහෙත්, උඹට මරු කැඳවූ මොහොත මම මෙසේ සිහි කරමි උඹේ වරිගේ එකෙකුම ඩැහැගත්තානෙ පැටියෝ උඹ වර්ගයා රැක ගනී ස්වභාදහමේ ඇතත් කෝ ඒ දහම මිනිසත්බව දුරයි නිවන ඊටත් දුරයි කිසිම අත්භවයකදි මෙවැනි විපතක් නොවේවා! පතමි මම හද පිරි සෝ දුකෙන් පූස් පැටියෝ......