Posts

යා යුතුමය

Image
  යා යුතුමය .. ඔන්ලයින් ඔන්ලයින්  ජීවිතේ ඔන්ලයින්ම ද ගමන හරි දුෂ්කරයි එහෙත් යා යුතුව ඇත ඈත කඩඉම කරා පටන් ගැන්මක් විතරයි තවම ආ දුර ඉතා කෙටියි යා යුතු දුර වැඩියි නැවතී සිතන්නට  නෑ ඉඩක් ලැබෙන්නේ මා මෙතෙක් වෙහෙසුණේ මෙතනට එන්නනේ හැරදා යා නොහැක මා ගත් ගමන් මඟ යා යුතුම වේ  කටු කොහොල් කටුවැල්වලින් මිස  මල්වැල්වලින් සිනිඳු මංමාවත්වලින් මේ ගමන යා නොහැක එහෙත් යා යුතුව ඇත තුන්යම් රැයේ නිදිවැරූ වාර  අනන්තයි ඒ මා මෙතනට  එන්න  සිතින් පැතුමන් පැතූ මා- පිය දෙපළ උදෙසා මා පැතූ පැතුමන් ඉටුවුණා ඉදිරියේ සතුටින් වැජඹෙන්න ඇරඹුණා පමණයි ගමන් මඟ මාවත ඇත තව බොහෝ දුරක් යන්නට හිතයි මට නවතින්න  බෑ හිතට ඉඩදෙන්න  මා - පියන් මගෙ  අනාගත සිහින දකිනවිට ඒ සිහිනයක් නොව සැබැවින්ම කළ යුතුව ඇත  බාධක කම්කටොළු විඳ මා-පිය පැතුම් ඉටුකොට යා යුතුයි යා යුතුයි යා යුතුයි

සොඳුරු කවියා..

Image
           පී.බී අල්විස් පෙරේරා                              පී.බී අල්විස් පෙරේරා කවි ලියන්නට පටන්ගන්නා විට ලංකාව නිදහස් රාජ්‍යයක්ද වී නැත. සමාජ වෙනස්කම්  හා වෙනසවීම් ඔහු අත්වින්ඳේය. එනිසා පී.බී හට කල්පිත ලෝකයක් ගැන සිතනවාට වඩා තමා ජීවත් වන සමාජයේ පෙනෙන්නට දකින්නට ඇති සමාජ ගැටලු ගැන කවි ලිවීම වැදගත් වෙන්නට ඇත.                    වේදනාව අසරණකම විසින් පාගා දමන ලද බොහෝ චරිත ගැන  සිය පෑන හසුරවන්නට ඔහු දෙවරක් නොසිතන්නේය.      බලහත්කාරයෙන් ගත් වී කොටස         පවා     ගබඩාවලට ගොවියගෙ කර උඩින්        යවා     රුපියල් හයක් යන්තම් බුසලකට        ගෙවා     සාධාරණය පෙන්වයි මුළු ලොවට         මවා             මහා පරිමාණ වී වෙළෙන්දන්ගේ  කෙරුවාව ගැන ඔහු ලියුවේ එදා මෙලෙසිනි .දුප්පත් ,බෙලහීන හා කුලහීන ජනතාව ගැන ඔහුගේ  සිත පෙළූ වේදනාවේ ගැඹුර ඒ කවි පදවලින් රසික සිත් කම්පාවට පත් කරයි.               පී.බී අල්විස් පෙරේරා හෙවත් පිලදුව බෝගමගේ අල්විස් පෙරේරා උපත ලබන්නේ 1917 මාර්තු 03 වෙනිදා කොල්ලුපිටියේදීය.ඔහු ලේක්හවුස්  ආයතනයේ හෙළදිව පුවත්පතේ කතුවරයෙක් වශයෙන් සේවය කොට ඇත.              කාව්‍ය සංග්‍රහ විසිහතක් සහ ළම

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි ගීතය රසාස්වාදය..

Image
                               ජීවිතය හරි පුදුමාකාරයි . හිමිවීම් අහිමිවීම් , ලැබීම් නොලැබීම් මේ සියල්ල මිනිස් ජීවිතයට පොදුයි. බද්ධ වී ඇත . අප අපගේ හදවතට තට්ටු කර බැලුවහොත් අපටම සුවිශේෂ වූ ගහක්,  කොළක් ,නගරයක් මිහිපිට නැතිද?                  "මේ නගරය " නම් මෙම ගීතය ඉතාමත් සංකීර්ණ අදහසකින් යුක්තය. නමුත් මතුපිටින් පෙනෙනුයේ  සරල අදහසකි.        " මේ නගරය මා ඔබ මුණගැසුණු          නගරයයි         මේ නගරය මා ඔබ          වෙන්කෙරුණු නගරයයි"                   මෙහිදී නගරයක් ගැන පවසයි. මෙම නගරයේ ගොඩනැගිලිවලට  කතා කිරීමට හැකියාවක් තිබුණේනම් මොනතරම් නම් දේවල් කියයිද?එක් අතකින් සෙමෙන් වෙනස්වන දේවල්  තවත් විටෙක ඉක්මනට වෙනස් වේ .        " වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා        නුග ගස් පෙළ අප නැතිවට තව දලුලනවා " නමුත්  ස්වභාවධර්මය මේ වෙනස්වීම් නොදැක්කා සේ සිටියි.කෙසේ නමුත් එම වෙනස්වීම්වලට  ලක්වූවන්හට එය දරාගැනීම අපහසුය.     "    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පේනවා          ඔබත් එක්ක ආපහු එහි  යන්න හිතෙනවා"                        මෙම පද්‍ය කොටසේ 'ඔබ '  යනුවෙ

සිතිවිලි

Image
  තද හිරු රැසින් ගස්වැල්                                    මැලවිලා ඇත.. කූජන හඬත් සියොතුන්ගෙන්                                       ඇසෙනු නැත.. උඳුවප්   දුරුත්තේ   සීතල                                    මැකී   නැත.. සිතිවිලි  දමින්  මා ගත  සිත                                      වෙලී   ඇත.. තද  වෙහෙසකින්  සරසවි වරම්                                              ලැබුවෙමි.. එය නිදහසක් බව  හද තුළින්                                               සිතුවෙමි .. ලෝකය අනා එක  පිඩකට                                                ගුලි කරමි.. දැනුම් සම්භාරයක් කැටි කොට මා                                               පිටව  යමි..                                                                                                                                                                                            

ආදරණීය අම්මා..

Image
  දෙනෙත නිදි නොලබා මා                                       රැකගත් අම්මා.. යන්තම් ඇඟ රත් වූ විට                                   බෙහෙත් ගෙනෙන අම්මා.. කැත කුණු මගෙ අතගාලා මා                                   හැදු වැඩු අම්මා.. නිතර දෙවේලේ සිහිකර                                    නුඹ නමදිමි අම්මා..   සිරිත් විරිත් හොඳ නරකද                                    පහදා දුන් අම්මා..  අකුරු කරන්නට පාසල්                                     ගෙන ගිය මගෙ අම්මා.. හොඳ දරුවෙක් වෙයන් පුතේ                                      නිතර කියූ අම්මා.. මගෙ නිවසේ මිණිපහනයි                                        ආදර මගෙ අම්මා..

සුනාමිය

Image
දෙදහස්හතරෙ දෙසැම්බර්                                   විසිහය    දිනේ                         උදෑසන  කණිසම වැදී නවයේ ,                           මොහොතකි    ගතවුණේ නාද දුන්නේ රූප පෙට්ටිය මුහුද                               ගොඩගලනව කියානේ සදා අමතක නොවන විපතකි                                සුනාමිය ලෙස නම්  වුණේ ගෙවල් දොරවල් මිනිස් ජීවිත යානවාහන                                          සියලු දේවල් බිලිගතී උස්- පහත් භේදයක් නැතිවම ළමා                                           ලපටි ද ගිල ගතී හොර  පූසෙකුගෙ විලාසයෙන් රළ                                             ගියේ මුහුදට නොනැවතී නගර ගම්බිම් මුළු පළාතම පාළු                                             පිටියක සිරි ගතී

මහාචාර්ය ඒ.වී.සුරවීර

Image
  ඒ. වී . සුරවීර මහතා "සාහිත්‍ය කලාවක් ලොව පහල වනුයේ රටක සමාජීය, සංස්කෘතික ,ඓතිහාසික හා ආර්ථිකය මතය. මෙම විවිධ බලවේග පසුබිම් කොට නොගෙන සිදු කරන කලා අධ්‍යයනයන් සාර්ථක නොවේ". මෙලෙස පවසනුයේ මහාචාර්ය ඒ.වී.සුරවීරයන් විසිනි.ඔහුගේ සමාජීය සාහිත්‍ය අධ්‍යයන කෘතියෙ පසුපිටෙහි එලෙස දක්වා ඇත.         සමාජයේ පවතින සමාජ පරිසරය හා එහි වෙසෙන්නන්ගේ සිතිවිලි පරාස ඊට ප්‍රධාන වේ. ප්‍රේමය සෞන්දර්ය හා වින්දනය පමණක් නොව ඊටත් එහා ගිය සිද්ධීන් මෙම සාහිත්‍යයට එකතු වේ. එසේ නොවන්නේ නම් එකී සමාජය ගිලන් වූ සමාජයක් බව මහාචාර්ය සුරවීර මහතා පවසා ඇත.         ඒ.වී සුරවීර මහතා ග්‍රාමීය පරිසරයක  මධ්‍යම පාන්තික සිංහලයෙකු ලෙස හඳුන්වනු ලබයි. බොහෝ විචාරකයන් අතර ඒ.වී. සුරවීර නම් චරිතය වෙනස් චරිතයකි.         භාෂා පරිචය ,විශ්වීය දැනුම ,පාරම්පරික දැනුම ආදි විස්මිත හැදෑරීම් ගුණයක් ඔහු සතු විය. නමුත් බහුතරයක්  නව දැනුම සොයා යාමත් සමඟ පැරණි සාහිත්‍ය පිළිබඳ අවධාරණයට එතරම් යොමු වූයේ නැත.නමුත් මෙතුමා කිසිවිටෙකත් පැරණි සාහිත්‍ය පිළිබඳ අවප්‍රමාණයෙන් නොසිතූහ.          ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ නවකතා ,කෙටිකතා,විචාර කෘති  පරිවර්තන ආ