සිතිවිලි
තද හිරු රැසින් ගස්වැල්
මැලවිලා ඇත..
කූජන හඬත් සියොතුන්ගෙන්
ඇසෙනු නැත..
උඳුවප් දුරුත්තේ සීතල
මැකී නැත..
සිතිවිලි දමින් මා ගත සිත
වෙලී ඇත..
තද වෙහෙසකින් සරසවි වරම්
ලැබුවෙමි..
එය නිදහසක් බව හද තුළින්
සිතුවෙමි ..
ලෝකය අනා එක පිඩකට
ගුලි කරමි..
දැනුම් සම්භාරයක් කැටි කොට මා
පිටව යමි..
😊 ලස්සනයි....♥️
ReplyDelete