යා යුතුමය

 


යා යුතුමය ..








ඔන්ලයින් ඔන්ලයින් 
ජීවිතේ ඔන්ලයින්ම ද


ගමන හරි දුෂ්කරයි
එහෙත් යා යුතුව ඇත
ඈත කඩඉම කරා
පටන් ගැන්මක් විතරයි තවම



ආ දුර ඉතා කෙටියි
යා යුතු දුර වැඩියි
නැවතී සිතන්නට 
නෑ ඉඩක් ලැබෙන්නේ
මා මෙතෙක් වෙහෙසුණේ
මෙතනට එන්නනේ
හැරදා යා නොහැක
මා ගත් ගමන් මඟ
යා යුතුම වේ 


කටු කොහොල් කටුවැල්වලින් මිස 
මල්වැල්වලින් සිනිඳු මංමාවත්වලින්
මේ ගමන යා නොහැක
එහෙත් යා යුතුව ඇත


තුන්යම් රැයේ නිදිවැරූ වාර 
අනන්තයි
ඒ මා මෙතනට  එන්න 


සිතින් පැතුමන් පැතූ
මා- පිය දෙපළ උදෙසා
මා පැතූ පැතුමන් ඉටුවුණා
ඉදිරියේ සතුටින් වැජඹෙන්න
ඇරඹුණා පමණයි ගමන් මඟ
මාවත ඇත තව බොහෝ දුරක්
යන්නට


හිතයි මට නවතින්න 
බෑ හිතට ඉඩදෙන්න 


මා - පියන් මගෙ 
අනාගත සිහින දකිනවිට
ඒ සිහිනයක් නොව
සැබැවින්ම කළ යුතුව ඇත 


බාධක කම්කටොළු විඳ
මා-පිය පැතුම් ඉටුකොට


යා යුතුයි
යා යුතුයි
යා යුතුයි

Comments

Post a Comment

Popular posts from this blog

මිතුරිය..

සොඳුරු කවියා..