Posts

Showing posts from January, 2022

යා යුතුමය

Image
  යා යුතුමය .. ඔන්ලයින් ඔන්ලයින්  ජීවිතේ ඔන්ලයින්ම ද ගමන හරි දුෂ්කරයි එහෙත් යා යුතුව ඇත ඈත කඩඉම කරා පටන් ගැන්මක් විතරයි තවම ආ දුර ඉතා කෙටියි යා යුතු දුර වැඩියි නැවතී සිතන්නට  නෑ ඉඩක් ලැබෙන්නේ මා මෙතෙක් වෙහෙසුණේ මෙතනට එන්නනේ හැරදා යා නොහැක මා ගත් ගමන් මඟ යා යුතුම වේ  කටු කොහොල් කටුවැල්වලින් මිස  මල්වැල්වලින් සිනිඳු මංමාවත්වලින් මේ ගමන යා නොහැක එහෙත් යා යුතුව ඇත තුන්යම් රැයේ නිදිවැරූ වාර  අනන්තයි ඒ මා මෙතනට  එන්න  සිතින් පැතුමන් පැතූ මා- පිය දෙපළ උදෙසා මා පැතූ පැතුමන් ඉටුවුණා ඉදිරියේ සතුටින් වැජඹෙන්න ඇරඹුණා පමණයි ගමන් මඟ මාවත ඇත තව බොහෝ දුරක් යන්නට හිතයි මට නවතින්න  බෑ හිතට ඉඩදෙන්න  මා - පියන් මගෙ  අනාගත සිහින දකිනවිට ඒ සිහිනයක් නොව සැබැවින්ම කළ යුතුව ඇත  බාධක කම්කටොළු විඳ මා-පිය පැතුම් ඉටුකොට යා යුතුයි යා යුතුයි යා යුතුයි

සොඳුරු කවියා..

Image
           පී.බී අල්විස් පෙරේරා                              පී.බී අල්විස් පෙරේරා කවි ලියන්නට පටන්ගන්නා විට ලංකාව නිදහස් රාජ්‍යයක්ද වී නැත. සමාජ වෙනස්කම්  හා වෙනසවීම් ඔහු අත්වින්ඳේය. එනිසා පී.බී හට කල්පිත ලෝකයක් ගැන සිතනවාට වඩා තමා ජීවත් වන සමාජයේ පෙනෙන්නට දකින්නට ඇති සමාජ ගැටලු ගැන කවි ලිවීම වැදගත් වෙන්නට ඇත.                    වේදනාව අසරණකම විසින් පාගා දමන ලද බොහෝ චරිත ගැන  සිය පෑන හසුරවන්නට ඔහු දෙවරක් නොසිතන්නේය.      බලහත්කාරයෙන් ගත් වී කොටස         පවා     ගබඩාවලට ගොවියගෙ කර උඩින්        යවා     රුපියල් හයක් යන්තම් බුසලකට        ගෙවා     සාධාරණය පෙන්වයි මුළු ලොවට         මවා             මහා පරිමාණ වී වෙළෙන්දන්ගේ  කෙරුවාව ගැන ඔහු ලියුවේ එදා මෙලෙසිනි .දුප්පත් ,බෙලහීන හා කුලහීන ජනතාව ගැන ඔහුගේ  සිත පෙළූ වේදනාවේ ගැඹුර ඒ කවි පදවලින් රසික සිත් කම්පාවට පත් කරයි.               පී.බී අල්විස් පෙරේරා හෙවත් පිලදුව බෝගමගේ අල්විස් පෙරේරා උපත ලබන්නේ 1917 මාර්තු 03 වෙනිදා කොල්ලුපිටියේදීය.ඔහු ලේක්හවුස්  ආයතනයේ හෙළදිව පුවත්පතේ කතුවරයෙක් වශයෙන් සේවය කොට ඇත.              කාව්‍ය සංග්‍රහ විසිහතක් සහ ළම

මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි ගීතය රසාස්වාදය..

Image
                               ජීවිතය හරි පුදුමාකාරයි . හිමිවීම් අහිමිවීම් , ලැබීම් නොලැබීම් මේ සියල්ල මිනිස් ජීවිතයට පොදුයි. බද්ධ වී ඇත . අප අපගේ හදවතට තට්ටු කර බැලුවහොත් අපටම සුවිශේෂ වූ ගහක්,  කොළක් ,නගරයක් මිහිපිට නැතිද?                  "මේ නගරය " නම් මෙම ගීතය ඉතාමත් සංකීර්ණ අදහසකින් යුක්තය. නමුත් මතුපිටින් පෙනෙනුයේ  සරල අදහසකි.        " මේ නගරය මා ඔබ මුණගැසුණු          නගරයයි         මේ නගරය මා ඔබ          වෙන්කෙරුණු නගරයයි"                   මෙහිදී නගරයක් ගැන පවසයි. මෙම නගරයේ ගොඩනැගිලිවලට  කතා කිරීමට හැකියාවක් තිබුණේනම් මොනතරම් නම් දේවල් කියයිද?එක් අතකින් සෙමෙන් වෙනස්වන දේවල්  තවත් විටෙක ඉක්මනට වෙනස් වේ .        " වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා        නුග ගස් පෙළ අප නැතිවට තව දලුලනවා " නමුත්  ස්වභාවධර්මය මේ වෙනස්වීම් නොදැක්කා සේ සිටියි.කෙසේ නමුත් එම වෙනස්වීම්වලට  ලක්වූවන්හට එය දරාගැනීම අපහසුය.     "    සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පේනවා          ඔබත් එක්ක ආපහු එහි  යන්න හිතෙනවා"                        මෙම පද්‍ය කොටසේ 'ඔබ '  යනුවෙ

සිතිවිලි

Image
  තද හිරු රැසින් ගස්වැල්                                    මැලවිලා ඇත.. කූජන හඬත් සියොතුන්ගෙන්                                       ඇසෙනු නැත.. උඳුවප්   දුරුත්තේ   සීතල                                    මැකී   නැත.. සිතිවිලි  දමින්  මා ගත  සිත                                      වෙලී   ඇත.. තද  වෙහෙසකින්  සරසවි වරම්                                              ලැබුවෙමි.. එය නිදහසක් බව  හද තුළින්                                               සිතුවෙමි .. ලෝකය අනා එක  පිඩකට                                                ගුලි කරමි.. දැනුම් සම්භාරයක් කැටි කොට මා                                               පිටව  යමි..                                                                                                                                                                                            

ආදරණීය අම්මා..

Image
  දෙනෙත නිදි නොලබා මා                                       රැකගත් අම්මා.. යන්තම් ඇඟ රත් වූ විට                                   බෙහෙත් ගෙනෙන අම්මා.. කැත කුණු මගෙ අතගාලා මා                                   හැදු වැඩු අම්මා.. නිතර දෙවේලේ සිහිකර                                    නුඹ නමදිමි අම්මා..   සිරිත් විරිත් හොඳ නරකද                                    පහදා දුන් අම්මා..  අකුරු කරන්නට පාසල්                                     ගෙන ගිය මගෙ අම්මා.. හොඳ දරුවෙක් වෙයන් පුතේ                                      නිතර කියූ අම්මා.. මගෙ නිවසේ මිණිපහනයි                                        ආදර මගෙ අම්මා..

සුනාමිය

Image
දෙදහස්හතරෙ දෙසැම්බර්                                   විසිහය    දිනේ                         උදෑසන  කණිසම වැදී නවයේ ,                           මොහොතකි    ගතවුණේ නාද දුන්නේ රූප පෙට්ටිය මුහුද                               ගොඩගලනව කියානේ සදා අමතක නොවන විපතකි                                සුනාමිය ලෙස නම්  වුණේ ගෙවල් දොරවල් මිනිස් ජීවිත යානවාහන                                          සියලු දේවල් බිලිගතී උස්- පහත් භේදයක් නැතිවම ළමා                                           ලපටි ද ගිල ගතී හොර  පූසෙකුගෙ විලාසයෙන් රළ                                             ගියේ මුහුදට නොනැවතී නගර ගම්බිම් මුළු පළාතම පාළු                                             පිටියක සිරි ගතී

මහාචාර්ය ඒ.වී.සුරවීර

Image
  ඒ. වී . සුරවීර මහතා "සාහිත්‍ය කලාවක් ලොව පහල වනුයේ රටක සමාජීය, සංස්කෘතික ,ඓතිහාසික හා ආර්ථිකය මතය. මෙම විවිධ බලවේග පසුබිම් කොට නොගෙන සිදු කරන කලා අධ්‍යයනයන් සාර්ථක නොවේ". මෙලෙස පවසනුයේ මහාචාර්ය ඒ.වී.සුරවීරයන් විසිනි.ඔහුගේ සමාජීය සාහිත්‍ය අධ්‍යයන කෘතියෙ පසුපිටෙහි එලෙස දක්වා ඇත.         සමාජයේ පවතින සමාජ පරිසරය හා එහි වෙසෙන්නන්ගේ සිතිවිලි පරාස ඊට ප්‍රධාන වේ. ප්‍රේමය සෞන්දර්ය හා වින්දනය පමණක් නොව ඊටත් එහා ගිය සිද්ධීන් මෙම සාහිත්‍යයට එකතු වේ. එසේ නොවන්නේ නම් එකී සමාජය ගිලන් වූ සමාජයක් බව මහාචාර්ය සුරවීර මහතා පවසා ඇත.         ඒ.වී සුරවීර මහතා ග්‍රාමීය පරිසරයක  මධ්‍යම පාන්තික සිංහලයෙකු ලෙස හඳුන්වනු ලබයි. බොහෝ විචාරකයන් අතර ඒ.වී. සුරවීර නම් චරිතය වෙනස් චරිතයකි.         භාෂා පරිචය ,විශ්වීය දැනුම ,පාරම්පරික දැනුම ආදි විස්මිත හැදෑරීම් ගුණයක් ඔහු සතු විය. නමුත් බහුතරයක්  නව දැනුම සොයා යාමත් සමඟ පැරණි සාහිත්‍ය පිළිබඳ අවධාරණයට එතරම් යොමු වූයේ නැත.නමුත් මෙතුමා කිසිවිටෙකත් පැරණි සාහිත්‍ය පිළිබඳ අවප්‍රමාණයෙන් නොසිතූහ.          ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ නවකතා ,කෙටිකතා,විචාර කෘති  පරිවර්තන ආ

කරදිය ගැඹරේ... ගීතය රසාස්වාදය

Image
කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ නුඹගේ දෑතට දිරිය වඩන්නයි සුහුඹුල් අත් පා යදඬු කරන්නයි          කිරි කැටි පුතුණේ... අව්වට වැගිරෙන දාඩිය වැස්සේ කළුගල් කඩලා මහමං තැනුවේ  නිවහල් ලොවකට නුඹට වඩින්නයි           කිරි කැටි පුතුණේ ... දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ  දැති රෝදෙට ගත ජීවය දුන්නේ නව මිනිසෙකු නව ලොවට පුදන්නයි           කිරි කැටි පුතුණේ ...                                          ගී පද- ප්‍රේමකුමාර ජයවර්ධන                                      සංගීතය - රෝහණ වීරසිංහ                                      ගායනය - එඩ්වඩ් ජයකොඩි               මෙම ගීතය තුළින් අදහස් කරනුයේ වැඩ කරන ජනතාව ගැනයි. නමුත් මතුපිටින් පෙනෙන අර්ථයට වඩා ගැඹුරු අර්ථයක් මේ තුළ ගැබ්ව පවතී .             " කරදිය ගැඹරේ " යන වචනය තුළින් අපට මතුපිට අර්ථය ලෙස සිතෙනුයේ මෙම මිනිසා ධීවරයෙකු වන බවයි.නමුත් ඊට එහා ගිය ගැඹුරු අර්ථයක් මෙහි අන්තර්ගත වේ.           මුහුද යනු අප ජීවිතය හා සමානය. කුණාටු ,රැලි මුහුදට ආවේණික සේම අපේ ජීවිතයත් ඒ හා සමානව ගලා යයි. කෙටියෙන් කිවහොත් අපේ ජීවිතය ප්‍රශ්න පත්තරයකි.            " කරදිය ගැඹරේ තුන්යම

අලුත ගෙනා මනාලිය පද්‍ය රසාස්වාදය

හිස නමා ගති ඈ සිහින් රතැඟිලි පටලවා ගති සතියකට පෙර ගෙනා වර විලිබරය මගෙ රන්වන් මනාලිය  දැල් තිර අස්සෙන් පෙනෙයි ඈ ඔබ යනු මොබ එනු පට පිළී ගෙන අබරණ පෙට්ටි ගෙන ඇසෙයි  නොපෙනෙන විටත්  සාලයෙන් කාමරයට කාමරෙන් සාලයට  යන පා හඬ මා වෙත එතත් ඈ  උවමනාවක් කිසිත් නොමැතිව  නොරැඳෙයි,පලා යෙයි ගෑ විලවුනෙහි  නැත රන්වන් සමෙහි  හෙළන සුස්මෙහි සුවඳ ඒ ඈ බඳ සුවඳ දැනෙන්නේ මට විතරද? පෙනෙයි  ඈ ඇසෙයි දැනෙයි මට ගේ හැම තැන                                                                   - ජී බී සේනානායක -             ශ්‍රී ලංකාවේ  නිසඳැස් පද්‍ය සම්ප්‍රදායේ සමාරම්භකයා ලෙස ජී.බී.සේනානායක මහතා හැදින්විය හැකිය .ඔහු විසින් රචිත " පලිගැනීම " නම් කෙටිකතාවේ එන නිශ්ශබ්දතාවය නම් වූ නිසඳැස් කාව්‍ය තුළින් ලංකාවේ නිසඳැස් කාව්‍ය බිහිවීමට අවශ්‍ය පදනම සැකසුණි. මෙතුමා විසින් රචිත " අලුත ගෙනා මනාලිය " පද්‍ය පංතිය ද වඩාත් සුවිශේෂී වේ.           මෙම කවි පංතියේ අරමුණ බවට පත්වන්නේ මනාලයෙකු තමාගේ නිවසට කැඳවාගෙන එනු ලැබූ මනාලිය පිළිබඳව ඔහු තුළ ඇතිවන අව්‍යාජාත්මක හැඟීම් වේ.             මෙය උත්තම පුරුෂ දෘෂ්ටිකෝණයෙන්  රචනා

ඉරණම..(කෙටිකතාවකි )

Image
" සීතා.. ඔයා මොකද කරන්නෙ, දරුවා ඉස්කෝලෙ ගියාද?" "ඔව් ඔව්, ඔයා තාමත් නිදිද?   තේ හැදුවා  ඇවිත් බොන්න" පාසල් මුර සේවයේ යෙදුණු අමරේ පාන්දරම පැමිණ නිදයි. තරමක නින්දකින් අවදිවන අමරේ  මූණ කට සෝදා උදය ආහාරය සප්පායම් වෙයි. ගොවිතැන් කටයුතුවලට ආසාවක් දක්වන ඔහුට සශ්‍රීක එළවළු වගාවක්ද ඇත.  මඩ ගොවිතැන් කිරීමට ඔහුට  කුඹුරු නැත. සීතාගේ කැපවීම මතම මිස ශෙහාන්ට පහ ශිෂ්‍යත්වය  ජය ගැනීම උගහටය. දැන් ඔහු හත් වසරෙ ඉගෙනුම ලබයි.  ශෙහාන් ඉගෙනීමට දක්ශයෙකි.  සීතාත් අමරෙත් ඉන් ලබන්නේ අපමණ සතුටකි. වැඩි කලක් ඒ සතුට ලැබගන්නට ඔවුන්ට නොහැකි වූයේ අමරේ දරුණු රෝගාබාධයකින් පෙලුණ නිසාවෙනි.  ඔහු නිතරම තුනටියෙ ආබාධයකින් වේදනා විඳියි.  නිතර නිතර රෝහලෙන් ප්‍රතිකාර ගනිමින් සිටි අමරේගේ රෝගී තත්වය උත්සන්න වී රෝහලේ නැවතී ප්‍රතිකාර ගැනීමට සිදුවිය. වෛද්‍යවරුන්ගේ පරීක්ෂණවලින් හෙලිවූයේ ස්නායු දුර්වලතාවයක් ගැනය. සැත්කමක් කිරීමට අවශ්‍ය වූ බව පැවසීය. සැත්කමක් කිරීමට පෙර ඔහුගේ දෙපා පණ නැතිවිය. වෛද්‍යවරු කළ කිසිඳු බෙහෙතකින් ඔහුට ප්‍රතිඵලයක් නොවීය. සීතා ඇදවැටුණේ අදහාගත නොහැකි තත්වයකටය. දරුවාගේ ඉගෙනීමේ කටයුතු  හා සැමියාගේ

ඇයම විය

Image
සූර්යාලෝකය  දසත එළිය  විහිදුවන්නට මත්තෙන් ඇය කුස්සියේ සේවයට වාර්තා කරනුයේ  ලිප ගිනි මෙළවීමට ය දරුවන්ගේත් සැමියාගේත්  පමණක් නොව අනිකුත් සියලු  වැඩ රාජකාරි  ඉටු කරනුයේ ඇයම ය ඇයට  සියලු වැඩ නිම කිරීමට දවසේ විසි හතර පැයත් මදිය ඇයටම කියා  නිදහසක්ද නොමැත උසුලමින් සියලු බර රෑ නින්ද පහන් කරනුයේ  සුපුරුදු පරිදිම යළිත් අවදි වන අදහසිනි   ඒ වෙනකෙකු නොව අම්මා ....ඔබම පමණ ය

මිතුරිය..

Image
  කොහොමද මිතුරිය  අපි මෙතනින් පටන්ගමු දිගු කලක සිට ඇසුරු කළද ඔබ ද මා දැක නැත මම ද ඔබ දැක නැත එහෙත් ඔබේත් මගේත් ඒ  බැඳී ඇති යදම අමරණීයයි සදා.. සරසවි කෙම් බිමේ පහස කවදා ලැබේවිද එතෙක් අපි ඉවසා සිටිමු දැඩි ආයාසයකින්  කැපවීමකින් ලබාගත් සරසවි වරම කෙසේ නම් සැහැල්ලුවට සිතමු ද අපටත් වඩා මාපියන්ගේ සිතැඟි ඉටු කිරීම ගැන මා නම් ලබන්නේ අපමණ සතුටක් පටන්ගත් මොහොතේ සිට අවසානය දක්වා  රැක ගනිමු අපෙ උත්සාහය 

සරුංගලේ (කෙටිකතාවකි)

Image
    "අක්කේ.. යමුද සරුංගලේ අරින්න." "අනේ මල්ලී, ඉස්කෝලෙ ඇරිල ආව විතරනේ..   තව අව්වත් සැරයි." මම අදිමදි කළෙමි. එහෙත් මල්ලීගෙන් බේරෙන්න බැරිම තැන මල්ලීද කැටුව මම වෙලට ගියෙමි.ඒ වන විටත් තවත් ළමයි කීපදෙනෙක් වෙලේ තැන තැන සරුංගල් අරිමින් සිටියහ. මල්ලීත් මමත් වෙලේ ගල් පොත්තක් උඩට ගොස් සරුංගලය ඇරියෙමු. සුළඟ සැර නිසා සරුංගල් කීපයක්ම උඩට ඇදෙමින් තිබුණි. හෝරා කීපයක්ම සරුංගලය උඩට ඇදෙමින් තිබුණි. ළමා ළපටියෝ ඔල්වරසන් දෙමින් ප්‍රීතිඝෝෂා නැගූහ.  ඇඳිරි වැටී ඇති මොහොත දක්වාම ඈත අහසේ පාවුන සරුංගල් බිමට බෑමට කවුරුත් යුහුසුළු වූහ. ගෙදරට පැමිණි විගස මල්ලී ද මම ද ඇඟපත සෝදා ගත්තෙමු. විගසින් රෑ කෑම කා මල්ලී  වේලාසනින්ම නින්දට ගියේය.  "අක්කේ! අක්කේ! සරුංගලය කැඩුනා. අහසෙ පාවෙනවා.අනේ මගෙ සරුංගලේ .." මල්ලී මහ හඬින් හඬන සද්දය දෙසට මමත් අම්මත් දිව ගියෙමු. මල්ලී ඇඳේ වාඩි වී ඒ මේ අත බලමින් සිටියේය. "පුතා, ඔයා හීනයක් දැක්කද"? අම්මා විගස මල්ලී ළඟට ගොස් ඇඟ අත ගෑවාය.  "පුතේ, ඔයාට හොඳටෝම උණ. පෙනඩෝල් පෙත්තක් බීල නිදාගන්ඩ. උදේට බේත් ගේන්ඩ යමු". අමමා බේත් පෙත්තක් මල්ලීට දී නිදි

මා දුටු තාත්තා

Image
  මහමෙරක් සේ නොසැලී   සියලු අභියෝග ජයගෙන වැර වීරියෙන්  පසු නොබා  මගේ යහපත උදෙසා  ඔබ ගන්නා වෙහෙස  සදා අමරණීයයි තාත්තේ.... නපුරු බැල්මකින් හෝ  සැර පරුෂ වදනකින්  නිය පිටින් පහරකින්  සිත නොරිද වූ ඒ  ඔබයි තාත්තේ.... දහසක් සිතිවිලි ඇත  නුඹ හදවතේ පුරවලා මගේ අනාගතය ගැන  හිසට බරක් නොගනු මැන ජීවිතය සැහැල්ලුවෙන් සිතන්න තාත්තේ.... හැමදාම  ඔබ ලඟින්මයි මේ චූටි දූ  තාත්තේ... මලීෂා..✍