"අක්කේ.. යමුද සරුංගලේ අරින්න." "අනේ මල්ලී, ඉස්කෝලෙ ඇරිල ආව විතරනේ.. තව අව්වත් සැරයි." මම අදිමදි කළෙමි. එහෙත් මල්ලීගෙන් බේරෙන්න බැරිම තැන මල්ලීද කැටුව මම වෙලට ගියෙමි.ඒ වන විටත් තවත් ළමයි කීපදෙනෙක් වෙලේ තැන තැන සරුංගල් අරිමින් සිටියහ. මල්ලීත් මමත් වෙලේ ගල් පොත්තක් උඩට ගොස් සරුංගලය ඇරියෙමු. සුළඟ සැර නිසා සරුංගල් කීපයක්ම උඩට ඇදෙමින් තිබුණි. හෝරා කීපයක්ම සරුංගලය උඩට ඇදෙමින් තිබුණි. ළමා ළපටියෝ ඔල්වරසන් දෙමින් ප්රීතිඝෝෂා නැගූහ. ඇඳිරි වැටී ඇති මොහොත දක්වාම ඈත අහසේ පාවුන සරුංගල් බිමට බෑමට කවුරුත් යුහුසුළු වූහ. ගෙදරට පැමිණි විගස මල්ලී ද මම ද ඇඟපත සෝදා ගත්තෙමු. විගසින් රෑ කෑම කා මල්ලී වේලාසනින්ම නින්දට ගියේය. "අක්කේ! අක්කේ! සරුංගලය කැඩුනා. අහසෙ පාවෙනවා.අනේ මගෙ සරුංගලේ .." මල්ලී මහ හඬින් හඬන සද්දය දෙසට මමත් අම්මත් දිව ගියෙමු. මල්ලී ඇඳේ වාඩි වී ඒ මේ අත බලමින් සිටියේය. "පුතා, ඔයා හීනයක් දැක්කද"? අම්මා විගස මල්ලී ළඟට ගොස් ඇඟ අත ගෑවාය. "පුතේ, ඔයාට හොඳටෝම උණ. පෙනඩෝල් පෙත්තක් බීල නිදාගන්ඩ. උදේට බේත් ගේන්ඩ යමු". අමමා බේත් පෙත්තක් මල්ලීට දී නිදි...
Comments
Post a Comment