ඇයම විය
සූර්යාලෝකය
දසත එළිය
විහිදුවන්නට මත්තෙන්
ඇය
කුස්සියේ සේවයට
වාර්තා කරනුයේ
ලිප ගිනි මෙළවීමට ය
දරුවන්ගේත් සැමියාගේත්
පමණක් නොව
අනිකුත් සියලු
වැඩ රාජකාරි
ඉටු කරනුයේ
ඇයම ය
ඇයට
සියලු වැඩ නිම කිරීමට
දවසේ
විසි හතර පැයත් මදිය
ඇයටම කියා
නිදහසක්ද නොමැත
උසුලමින් සියලු බර
රෑ නින්ද පහන් කරනුයේ
සුපුරුදු පරිදිම
යළිත් අවදි වන අදහසිනි
ඒ වෙනකෙකු නොව
අම්මා....ඔබම පමණ ය
❤️
ReplyDelete😘
ReplyDeleteහරිම ලස්සනයි ♥️
ReplyDelete