මහාචාර්ය ඒ.වී.සුරවීර

 


ඒ. වී . සුරවීර මහතා





"සාහිත්‍ය කලාවක් ලොව පහල වනුයේ රටක සමාජීය, සංස්කෘතික ,ඓතිහාසික හා ආර්ථිකය මතය. මෙම විවිධ බලවේග පසුබිම් කොට නොගෙන සිදු කරන කලා අධ්‍යයනයන් සාර්ථක නොවේ". මෙලෙස පවසනුයේ මහාචාර්ය ඒ.වී.සුරවීරයන් විසිනි.ඔහුගේ සමාජීය සාහිත්‍ය අධ්‍යයන කෘතියෙ පසුපිටෙහි එලෙස දක්වා ඇත.


        සමාජයේ පවතින සමාජ පරිසරය හා එහි වෙසෙන්නන්ගේ සිතිවිලි පරාස ඊට ප්‍රධාන වේ. ප්‍රේමය සෞන්දර්ය හා වින්දනය පමණක් නොව ඊටත් එහා ගිය සිද්ධීන් මෙම සාහිත්‍යයට එකතු වේ. එසේ නොවන්නේ නම් එකී සමාජය ගිලන් වූ සමාජයක් බව මහාචාර්ය සුරවීර මහතා පවසා ඇත.


        ඒ.වී සුරවීර මහතා ග්‍රාමීය පරිසරයක  මධ්‍යම පාන්තික සිංහලයෙකු ලෙස හඳුන්වනු ලබයි. බොහෝ විචාරකයන් අතර ඒ.වී. සුරවීර නම් චරිතය වෙනස් චරිතයකි.

        භාෂා පරිචය ,විශ්වීය දැනුම ,පාරම්පරික දැනුම ආදි විස්මිත හැදෑරීම් ගුණයක් ඔහු සතු විය. නමුත් බහුතරයක්  නව දැනුම සොයා යාමත් සමඟ පැරණි සාහිත්‍ය පිළිබඳ අවධාරණයට එතරම් යොමු වූයේ නැත.නමුත් මෙතුමා කිසිවිටෙකත් පැරණි සාහිත්‍ය පිළිබඳ අවප්‍රමාණයෙන් නොසිතූහ.

 

       ඔහුගේ නිර්මාණ ජීවිතය තුළ නවකතා ,කෙටිකතා,විචාර කෘති  පරිවර්තන ආදි සුවිසෙස් ග්‍රන්ථ රැසක් ලොවට දායාද කළේය.

       ඔහු ඇරිස්ටෝටල්ගේ කාව්‍ය ශාස්ත්‍රයත්, ලියෝ තෝල්ස්තෝයිගේ කලාව යනු කුමක්ද කෘතියත් සිංහලයට පරිවර්තනය කළේය.


        විචාරය සම්බන්ධයෙන් ඔහු සතු පුළුල් දැක්ම සාධනය කරනු වස් සම්භාව්‍ය සාහිත්‍ය විචාර න්‍යායන්ට පමණක් ලඝු නොවී නව මාක්ස්වාදී චින්තකයන් වන ලුකාස් හා රේමන්ඩ් විලියම් වැනි අයගේ කෘති පවා සිංහලයට පරිවර්තනය කළේය.


         1930 ඔක්තෝබර් 12  වැනිදා ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ හොරප  දී උපත ලැබූ අලංකාරගේ වික්ටර් සුරවීරගේ භාවිත නාමය වන්නේ ඒ.වී.සුරවීර ය.


     මෙතුමා ශාස්ත්‍රීය පුස්තක එකොළහක් රචනා කර ඇත. ඒ අතර සිංහල - ඉංග්‍රීසි ද්වීභාෂාවෙන්ම රචිත කෘති ඇතුළත් ය.එතුමා නවකතා නමයක් ලියා ඇත.පරිවර්තන විචාර කෘති දොළහක් ලියා ඇති අතර ළමා හා වෙනත් ලිපි එකතු කිහිපයක් යනාදී වශයෙන් ලාංකේය සාහිත්‍ය කෙත පෝෂණය කරන්නට අවැසි ග්‍රන්ථ රැසක් ඔහු අතින් බිහිවිණි .


     සුරවීර මහතාගේ නව්‍යකරණය තුළ හෙය්යම්මාරුව,අත්ත බිඳෙයි පය බුරුලෙන් ,පෑදි දියට බොර දිය හා සදා මෙලෙස පුර දෙරණේ යනාදී ග්‍රන්ථ විචාරයට ලක්විය.


      බොහෝ ජීවන අරගලයන් ඇතිවීමට ප්‍රධාන හේතු සාධකය වනුයේ දරිද්‍රතාවය හා පීඩිත්වය බව හෙතෙම හොදින් දැන සිටියේය.

            මහාචාර්ය සුරවීර තවමත් කියවා නිම කර ගත නොහැකි පුස්තකයකි. මිනිස් සිතෙහි ගැඹුර, සිය නිර්මාණවල දවටා පාඨකයන්ට තිළිණ කරනුයේ අදහාගත නොහැකි ලෙසිනි.මෙතුමාගේ නාමය නිර්මාණ ,විචාර , ශාස්ත්‍රීය වේදිකාවල නිතර සිහිපත් වන නාමයක් වීම කාහටත් වැළැක්වීමට නොහැකිය. මිනිසුන් ක්‍රියාව තුළින් අමරණීයයි.

Comments

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..

ඉරණම..(කෙටිකතාවකි )