සුනාමිය
දෙදහස්හතරෙ දෙසැම්බර්
විසිහය දිනේ
උදෑසන කණිසම වැදී නවයේ ,
මොහොතකි ගතවුණේ
නාද දුන්නේ රූප පෙට්ටිය මුහුද
ගොඩගලනව කියානේ
සදා අමතක නොවන විපතකි
සුනාමිය ලෙස නම් වුණේ
ගෙවල් දොරවල් මිනිස් ජීවිත යානවාහන
සියලු දේවල් බිලිගතී
උස්- පහත් භේදයක් නැතිවම ළමා
ලපටි ද ගිල ගතී
හොර පූසෙකුගෙ විලාසයෙන් රළ
ගියේ මුහුදට නොනැවතී
නගර ගම්බිම් මුළු පළාතම පාළු
පිටියක සිරි ගතී
Comments
Post a Comment