මේ නගරය මා ඔබ මුණගැසුණු නගරයයි ගීතය රසාස්වාදය..


  


                           ජීවිතය හරි පුදුමාකාරයි . හිමිවීම් අහිමිවීම් , ලැබීම් නොලැබීම් මේ සියල්ල මිනිස් ජීවිතයට පොදුයි. බද්ධ වී ඇත . අප අපගේ හදවතට තට්ටු කර බැලුවහොත් අපටම සුවිශේෂ වූ ගහක්, කොළක් ,නගරයක් මිහිපිට නැතිද?

      

          "මේ නගරය " නම් මෙම ගීතය ඉතාමත් සංකීර්ණ අදහසකින් යුක්තය. නමුත් මතුපිටින් පෙනෙනුයේ  සරල අදහසකි.


       "මේ නගරය මා ඔබ මුණගැසුණු 

        නගරයයි

        මේ නගරය මා ඔබ 

        වෙන්කෙරුණු නගරයයි"


                 මෙහිදී නගරයක් ගැන පවසයි. මෙම නගරයේ ගොඩනැගිලිවලට  කතා කිරීමට හැකියාවක් තිබුණේනම් මොනතරම් නම් දේවල් කියයිද?එක් අතකින් සෙමෙන් වෙනස්වන දේවල්  තවත් විටෙක ඉක්මනට වෙනස් වේ.


       "වැව් ඉවුරේ දිය රළ පෙර සේම බිදෙනවා

       නුග ගස් පෙළ අප නැතිවට තව දලුලනවා "


නමුත්  ස්වභාවධර්මය මේ වෙනස්වීම් නොදැක්කා සේ සිටියි.කෙසේ නමුත් එම වෙනස්වීම්වලට  ලක්වූවන්හට එය දරාගැනීම අපහසුය.


    "   සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පේනවා

        ඔබත් එක්ක ආපහු එහි  යන්න හිතෙනවා"

  

                    මෙම පද්‍ය කොටසේ 'ඔබ '  යනුවෙන් අදහස් කරනුයේ  මෙකල සරසවියේ ඉගෙනුම ලබන පුද්ගලයෙකුගේ පෙම්වතියයි. එහෙත් ඔහුට ඇය අහිමි වූ බව මෙයින් හැඟීයයි. කාලය යනු පුදුමාකාර දෙයකි.  සමහර දේවල් කාලය විසින් උදුරාගනු ලබයි. නමුත් දැන් කාලය බොහෝ සේ වෙනස් වී හමාරය.


                  මෙම ගීත රචනයේ කතා නායකයා මෙම නගරයට නැවත පැමිණෙන්නේ  කාලෙකට පසුවය.


"ඔබ අතගෙන ගිය වීදිය ඇය හා යනවා

 සිඟිති පුතා අතැඟිල්ලේ එල්ලී එනවා 

 ඒ කාලේ පැතූ පැතුම් යළි සිහිවෙනවා

 ජීවිතයම හීනයකැයි කියා හිතෙනවා"


                  මෙයින් අදහස් කරන්නේ කතා නායකයා වූ ඔහු දැන් එක් දරු පියෙකු වන බවත් බිරිඳකට ස්වාමිපුරුෂයෙකු බවත්ය .ඒ කෙසේ වුවත් අතීත මතකයන් වසන් කරගැනීමට  ඔහුට හැකියාවක් නොමැත.මෙම පද්‍ය කොටස තුළින් අපූරු චිත්තරූප මැවෙන බස් වහරක්  යොදාගෙන තිබේ. ඔහු තම බිරිඳත්  සමඟ ඒ නගරය තුළ ඇවිදන් යන ආකාරය චිත්‍රපටයක මෙන් රූපවත්ව මැවේ. අතීත පැතුම් යළිත් සිහිපත් වීම තුළ ඔහුගේ තිගැස්ම , ජීවිතය පුදුමසහගත බව ඔහුට පසක් විය.

Comments

Popular posts from this blog

යා යුතුමය

මිතුරිය..

ඉරණම..(කෙටිකතාවකි )