මිතුරිය..
කොහොමද මිතුරිය
අපි මෙතනින් පටන්ගමු
දිගු කලක සිට
ඇසුරු කළද
ඔබ ද මා දැක නැත
මම ද ඔබ දැක නැත
එහෙත්
ඔබේත් මගේත්
ඒ බැඳී ඇති යදම
අමරණීයයි සදා..
සරසවි කෙම් බිමේ
පහස කවදා ලැබේවිද
එතෙක් අපි ඉවසා සිටිමු
දැඩි ආයාසයකින්
කැපවීමකින්
ලබාගත්
සරසවි වරම
කෙසේ නම් සැහැල්ලුවට
සිතමු ද
අපටත් වඩා
මාපියන්ගේ
සිතැඟි ඉටු කිරීම ගැන
මා නම් ලබන්නේ
අපමණ සතුටක්
පටන්ගත් මොහොතේ සිට
අවසානය දක්වා
රැක ගනිමු
අපෙ උත්සාහය
❤️😘😘
ReplyDelete❤️❤️
Delete🙃🙃❤️
ReplyDelete❤️❤️
Delete